ඓතිහාසික කරුණු අනුව සොයාගගත හැකි වැලිකැටිය ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරයේ නිර්මාතෘ මලිදුව ශ්‍රී හේමානන්ද හිමිගේ අනුශාසනා පරිදි වැලිකැටිය පුණ්‍යවර්ධනාරාමය භූමියේ පී ඩී ඕදිරිස් උපාසක මහතාගේ භූමිභාගයක ප්‍රථමයෙන්ම මේ විදුහල ආරම්භ කරන ලදී. වර්තමානයේ විදුහල් ආරම්භ කළ ස්ථානයේ ගෙපල් කැපීම ආදි කටයුතු 1933 දී ආරම්භ කොට ස්ථිර ගොඩනැගිලි ඉදිකර 1939 වන විට විදුහල අංග සම්පූර්ණ ස්ථානයක් බවට රජය මගින් සකස් කරන ලදී.